රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් වැදගත් වන රාජ්‍ය ආයතනවල විශාල නිලධාරි හිඟයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ සඳහා වර්තමානයේ නව බඳවාගැනීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින්, මේ වන විට සිය දක්ෂතාවයට නොගැලපෙන රජකාරී සිදුකරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින තරුණ සේවකයින් සඳහා තරග විභාගයක් පවත්වා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
“ලොකු නිලධාරී අඩුවක් තියෙනවා. රේගුවේත් නෑ , සුරාබදු එකෙත් නෑ, හාර පන්සීයක මේ වෙලාවේ අපිට නිලධාරීන් ගන්න බෑනේ. ඒ නිසා රටේ ඉන්නවා සුවිශාල පිරිසක් උපාධිදාරීන් ඔවුන් නොගැලපෙන සේවාවල වැඩ කරනවා. හදිසි බඳවාගැනීම් එක්ක. මම යෝජනා කළේ හොඳ තරග විභාගයක් තියලා විනිවිදභාවයෙන් යුතුව මේ අති දක්ෂ තරුණ තරුණියන් පිරිස තෝරාගන්න. මොකද බදු ගණනය කරනවා කියන්නේ අති සංකීර්ණ කාර්යයක්. අති දක්ෂයින් ඉන්න ඕනේ. බදු උපදේශකයෙක් ඇවිල්ලා ලිපිගොනු පෙන්නනකොට, ඒක දැක්ක ගමන් ඒක ඔලුවට ගන්න පුළුවන් මේක මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. දැනට ඉන්න නිලධාරීන්ට අගතියක් නොවන පරිදි, ඔවුන්ගේ උසස්වීම්වලට අගතියක් නොවන පරිදි බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා.”
ඒ මහතා මෙම අදහස් පළ කළේ”අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමිනි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්