රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් වැදගත් වන රාජ්‍ය ආයතනවල විශාල නිලධාරි හිඟයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ සඳහා වර්තමානයේ නව බඳවාගැනීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින්, මේ වන විට සිය දක්ෂතාවයට නොගැලපෙන රජකාරී සිදුකරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින තරුණ සේවකයින් සඳහා තරග විභාගයක් පවත්වා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
“ලොකු නිලධාරී අඩුවක් තියෙනවා. රේගුවේත් නෑ , සුරාබදු එකෙත් නෑ, හාර පන්සීයක මේ වෙලාවේ අපිට නිලධාරීන් ගන්න බෑනේ. ඒ නිසා රටේ ඉන්නවා සුවිශාල පිරිසක් උපාධිදාරීන් ඔවුන් නොගැලපෙන සේවාවල වැඩ කරනවා. හදිසි බඳවාගැනීම් එක්ක. මම යෝජනා කළේ හොඳ තරග විභාගයක් තියලා විනිවිදභාවයෙන් යුතුව මේ අති දක්ෂ තරුණ තරුණියන් පිරිස තෝරාගන්න. මොකද බදු ගණනය කරනවා කියන්නේ අති සංකීර්ණ කාර්යයක්. අති දක්ෂයින් ඉන්න ඕනේ. බදු උපදේශකයෙක් ඇවිල්ලා ලිපිගොනු පෙන්නනකොට, ඒක දැක්ක ගමන් ඒක ඔලුවට ගන්න පුළුවන් මේක මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. දැනට ඉන්න නිලධාරීන්ට අගතියක් නොවන පරිදි, ඔවුන්ගේ උසස්වීම්වලට අගතියක් නොවන පරිදි බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා.”
ඒ මහතා මෙම අදහස් පළ කළේ”අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමිනි.

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය
ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්