විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් BUNGY JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.
ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGY JUMPING කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවන අතර BUNGY සමාගම සහ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුමට අද (07) අත්සන් තැබීය.
එහිදී අදහස් දැක්වූ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා,
“මේගොල්ලන්ගේ 50,000ක් විතර වෙනම ටීම් එකක් ඉන්නවා.. රටවල්වලට ගිහිල්ලා BUNGY JUMPING කරන. මෙතන අලුත් තැනක් නිසා මේ 50,000 ම මෙතනට ගෙන්න තමයි මෙයාලා බලන්නේ. අපේ රටට විදේශිකයින්, සංචාරකයින් ගේන්න ලොකුම අවස්ථාවක් මේක. මීටර 350ක් ඉහළ ඉඳන් පනින්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඒ අය පනින විදිය. ඒක වෙනම අත්දැකීමක්. ඒවාට ආස අය ඉන්නවා. ජනවාරි 1 සිට දවසකට පැනුම් වාර 100ක් කරන්න සැලසුම් කරනවා. ඊට අමතරව, රාත්‍රි කාලයේ පැනුම් වාර 30 – 40ක් පමණ..නෙළුම් කුලුන රාත්‍රියේ වර්ණවත් කරාට පස්සේ.”
“විදේශිකයින්ට හා දේශීය අයට ගාස්තු වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අයට අඩු ගාස්තුවක් අය කරන්න හදන්නේ. දෙසැම්බර් මාසයේ කැමති අය වෙනුවෙන් තරගයක් තියලා තෝරාගන්නා කිහිපදෙනෙකුට නොමිලේ අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙනවා.”

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි