2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙව්මි රන්සරා ශිෂ්‍යාව හදිසියේම මිය ගොස් ඇති බව වාර්තා වනවා.
රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ අතිශය දක්ෂ සුවිශේෂී දියණියක්.
ඇය සුවිශේෂී වන්නේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීම නිසාම පමණක් නෙවෙයි.
දෙව්මි උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවූ දියණියක්.
ඇයගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික තත්වයෙනුයි පසුවු අතර මාපියන් විසින් ඇයව පාසල වෙත රැගෙන ආවේද වඩාගෙනයි.
නමුත් කිසි දිනෙක සිය ශරීරයේ අඩු පාඩු ගැටළුවක් කර නොගත් දෙව්මි පාසල්
අධ්‍යාපනයේදී දැක්වූයේ ඉතා ඉහළ දක්ෂතාවක් .
උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.
සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.
NEXT : facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්! ඉදිරි දින කිහිපය ගිණුම පරිහරණය කරන්නේ බලාගෙනයි!

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා