Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලයන්ගෙන් රටක් මවිතකල දෙව්මි රටම හඬවමින් හදිසියේ දෑස් වසා ගනී

2 years ago 5.3 K

2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙව්මි රන්සරා ශිෂ්‍යාව හදිසියේම මිය ගොස් ඇති බව වාර්තා වනවා.

රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ අතිශය දක්ෂ සුවිශේෂී දියණියක්.

ඇය සුවිශේෂී වන්නේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීම නිසාම පමණක් නෙවෙයි.

දෙව්මි උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවූ දියණියක්.

ඇයගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික තත්වයෙනුයි පසුවු අතර මාපියන් විසින් ඇයව පාසල වෙත රැගෙන ආවේද වඩාගෙනයි.

නමුත් කිසි දිනෙක සිය ශරීරයේ අඩු පාඩු ගැටළුවක් කර නොගත් දෙව්මි පාසල්
අධ්‍යාපනයේදී දැක්වූයේ ඉතා ඉහළ දක්ෂතාවක් .

උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.

සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.

NEXT : facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්! ඉදිරි දින කිහිපය ගිණුම පරිහරණය කරන්නේ බලාගෙනයි!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *