නව හැවිරිදි දැරියකට වදහිංසා කළ 29 හැවිරිදි කාන්තාවක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය, ඇයට සිදුවෙන වදහිංසා පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්තිභාර ගුරුතුමියට දැනුම් දී තිබේ.
පසුව ගුරුවරිය විසින් කළ දැනුම්දීම මත විදුහල්පතිතුමිය හා අදාළ දැරිය සමග ගොස් පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව දැරියගේ පියාගේ දෙවෙනි බිරිඳ බව පොලීසිය පවසයි.
දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේදී පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති අතර පසුව පියා විසින් අදාළ සැකකාර කාන්තාව නිවසට කැඳවාගෙන විත් තිබේ.
ඒ වනවිට සැකකාර කාන්තාවට පෙර විවාහයේ පිරිමි දරුවෙක් ද සිටින බව පොලීසිය පවසයි.
සැකකාර කාන්තාව විසින් අලුයම 4ට අවදි දැරියව නැගිට්ටවා පොල් ගාවා ගැනීම, එළවළු කපා ගැනීම හා වළං සෝදා ගැනීම සිදුකර ඇති අතර, සැකකාර කාන්තාවගේ සහ ඇගේ දරුවාගේ ඇඳුම් පවා දැරිය ලවා සොදාගෙන තිබු බව පොලීසිය සඳහන් කරයි.
දැරියට යම් වැඩක් අතපසු වුවහොත් එක් අවස්ථාවක දී මෝල් ගසකින් ද පහර දී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් සඳුදා (10) දින සැකකාරිය විසින් දැරියව බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණහිසෙන් පහර දී ඇතැයිද අනතුරුව සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් “තෝව මරලා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජනය කළ බව ද දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදාගන්නා අතර දැරියට කැඩුණු පැඳුරක් ලබාදී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිලිය තුළ සවි කර තිබෙන ජල කරාමයෙන් දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරිය පවසා තිබේ.
දැරියගේ ශරීරය පුරාම පිළිස්සුම් තුවාල කැලැල් තැලුම් තුවාල කැලැල් රැසක් මතු පිටින් පෙනෙන බවත් යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමේදී ඇය වේදනාවෙන් පෙළෙන බවත් පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.
දැරිය මුල්ලේරියා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (12) ඉදිරිපත් කරන බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.
සැකකාරිය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
-adaderana-

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්