මේ මොහොත වන විට ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා.
අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ
මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට
පහත වැටී තිබීමත් විශේෂත්වයක්.
මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින්ක නස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවට ද තොරතුරු හුවමාරු වනවා.
කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ජනප්‍රිය යැයි සැළකෙන බොහෝ දෙනාගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීමට බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර, ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වන සජීව දිසානායක ද මේ සම්බන්ධයෙන් වන සටහනක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.
ටිකක් ලොකු Follwer base එකක් හිටපු profile එකක් නම් ඔයාට තිබුණෙ, අද උදේ බලද්දි
ඒ followers ලා ගාණ 9000කට වගේ බැහල ඇති.Pages වල දැනට අවුලක් නෑ වැඩිය හිතන්න එපා මේ ටිකේ Meta එකේ තියෙන bugs ගොන්න අතරෙ ඕක පොඩි එකක්.
දවස් කීපයකට කලින් කිව්ව වගේම මේ කාලෙ පොඩ්ඩක් පරිස්සමෙන් තමන්ගෙ profile, pages පාවිච්චි කරන්න. නැති වුණොත් ගන්න අමාරුයි.
මොකද ProbSupport Center එක දුවන්නෙත් outsourced company එකක්. එයාල අපිට
එවන්නෙත් help center article search කරල.
-hiru-
PREVIOUS : සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් රටක් මවිතකල දෙව්මි රටම හඬවමින් හදිසියේ දෑස් වසා ගනී

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු