වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා.
අද සවස 2.00කට කොළඹ දී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.
රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වීම සඳහා වැදගත් වන කරුණු රැසකින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සන්නද්ධ කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරනවා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව මෙම මැඩමුළුව පැවැත්වෙන බවත් මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 සඳහා වන අයවැය හෙට(07) සවස 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්