මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට
නැමීබියානු කණ්ඩායම අද (16) සමත් වුණා.
ඒ අද ඔස්ට්‍රෙලියාවේ ගේලෝන්ග් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කරමින්.
කාසියේ වාසියේ ජය තමන් සතු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය
කළේ නායක දසුන් ශානකගේ තීන්දුව මතයි.
ඒ අනුව පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමෙන්
ශ්‍රී ලංකා කණ්ඩායමට හඹා ගොස් ජයගැන්මට හිමි වූ ඉලක්කය ලකුණු 164ක්.
පිළිතුරු ඉනිම අරඹමින් පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංකයි.
මුල් අවස්ථාවේ දී දැවැන්ත පහරවල් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පෙන්නුම් කළ ද, කුසල්
මෙන්ඩිස් ලකුණු 06ක් ලබා සිටියදී David Weiseගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවකට හසුව
දැවී යාමෙන් ලකුණු රැස් කිරීමේ දී කිසියම් පසුගාමීත්වයක් දිස් වුණා.
ඉන් අනතුරුව පිටියට පිවිසියේ ධනංජය සිල්වා යි.
නමුත් ධනංජය සිල්වා සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 25කට ආසන්න වීමේදී යළි ක්‍රීඩාගාරයේ අසුන් දෙකක් ඔවුන් හට වෙන්කර දෙන්නට නැමීබියානු පන්දු යවන්නන් සමත් වුණා.
පැතුම් ලකුණු 09ක් ලබාසිටියදී දැවී ගියේ බෙන් ෂිකොන්ගේ පන්දුවක් හමුවේ වූ අතර, ධනංජය දැවී ගියේ ජෑන් ෆ්‍රයිලින්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 12ක් ලබා සිටියදියි.
ඉන් පසුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලකට පැමිණි විගස යළිත් පිත්ත බිත්තියට හේත්තු
කර අසුන් ගැනීමට සිදු වූයේ ෂිකොන්ගෝ ධනුෂ්කට යොමු කළ පළමු පන්දුවටම කිසිදු ලකුණු
නොලබා ඔහු දැවී යාමත් සමගයි.
මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට දැඩිව අභියෝග සිය පන්දු බලඇණියෙන් එල්ල කරමින් නැමීබියානුවන් දිගින් දිගටම කඩුලු 05ක් ම බිඳ දැමුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 79ක්ව සටහන් වෙද්දියි.
කෙසේවෙතත් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුවට
වඩාත් සුබදායි ලකුණු එක් කරන්නට සමත් වූයේ පිටිය සිසාරා දසුන්ගේ පිත්ත යළිත් ක්‍රියාත්මක වීම හේතුවෙන්.
නමුත් එල්ල කළ උඩ පන්දුවක් හේතුවෙන් භානුක රාජපක්ෂ සහ ඉන් පසුව පිටියට එක් වූ හසරංගට ද ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වුණේ ජයග්‍රහණය තවත් දුරකට ඇද දමමින්.
එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පිළිවෙළින් දැවී යද්දී කණ්ඩායමේත්, සුවහසක්
ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව සිය දෝතට ගත් නායක දසුන් ශානක චාමික
කරුණාරත්න සමග එක්ව 06 වැනි කඩුල්ලට ශක්තිමත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා.
දසුන් දැවී ගියේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හිත්වලින් තවදුරටත් පහළට ඇද දමමින්.
ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වූ නැමීබියානු පන්දු යවන්නන් අතරින් බර්නාඩ් ස්කොල්ට්ස්, බෙන් ෂිකොන්ගෝ සහ ජෑන් අතරේ කඩුලු 02ක බැගින් බිඳ දැමීමට සමත් විය.
ඒ අනුව ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 108ක් පමණයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්