හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එළඹෙන දීපවාලී උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා අභිකුණ්ඨකයන් බවත්, එම කාන්තාවන් පස් දෙනා හොඳින් ඇඳ පැළඳ උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගන්නා බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
අවු 18 – 30 වයස් කාණ්ඩ වල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත්, මෙවැනිම පිරිසක් හැටන් පොලිසිය විසින් මීට ප්‍රථම අත්අඩංගුවට ගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කලා.
අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා