ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15 කින් ඩු කිරීමට සියයට 4 කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් මිරැන්ඩා මහතා කීය.
එමෙන්ම, පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.
ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.
දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය.
තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.
PREVIOUS :

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්