සෝනි ඉන්ටර්නැෂනල් ආයතනය ස්වර්ණවාහිනියට සිය බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිතා කරන බවට චෝදනා කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. මෙයට හේතු වී ඇත්තේ ස්වර්ණවාහිනිය විසින් ”ජීවිතයට කෝටියක්” නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීම ඊයේ (18) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟින්.
මේ සම්බන්ධයෙන් සෝනි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ස්වර්ණවාහිනියට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ සිරස නාළිකාව විසින් මීට පෙර විකාශය කළ ”සිරස ලක්ෂපති” වැඩසටහන ඔවුන්ගේ නව වැඩසටහනේම අනුකරණයක් බවට සඳහන් කරමින්. සිරස ලක්ෂපති යනු ඉන්දියාවේ සෝනි සමාගමට අයිති Who wants to be a millionaire වැඩසටහනේ ශ්‍රී ලාංකේය නිල විකාශන අයිතිය හිමි වැඩසටහනයි.
සිරස ලක්ෂපති වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ චන්දන සූරිය බණ්ඩාර හා සිරස ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුසාර දිනාල් මෙන්ම ලක්ෂපති වැඩසටහනේ නිෂ්පාදිකාව මේ වන විට ස්වර්ණවාහිනියේ සේවය කරනවා.
ඒ අනුව ඔවුන් තිදෙනාම සම්බන්ධ වී තම ආයතනයට අයිති franchise වැඩසටහනේ ආකෘතියක් මෙලෙස අනුකරණය කිරීම සෝනි සමාගමේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
සෝනි ආයතනයේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව මෙය ආරම්භ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය දේපල උල්ලංඝනය වන බවයි සෝනි සමාගම පෙන්වා දී ඇත්තේ. ඒ අනුව නිශ්චිත වැඩසටහන වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් මෙම ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි