මේ වන විට වෙළෙඳපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.
එහි දී ඔහු කියා සිටියේ, ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ බවත් එහි දී වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වී ඇති බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ බව අමාත්‍යව බන්දුල ගුණවර්ධන මෙහි දී ප්‍රකාශ කළා.
ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්, නාඩු සහල්
කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක
මිල රුපියල් 210 සිට 160 දක්වාත්, සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වා ද, තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාද පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා තමා සමග ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මෙහි දී කියා සිටියා.
කෙසේ වෙතත් කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම මිල අඩු කිරීමට අදාළ වෙළඳපල තත්ත්වයන් පිළිබඳව වාණිජ අමාත්‍යවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් මගින් පැහැදිලි කරන බවයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්