Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල පහත දැමුවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

3 years ago 7.1 K

මේ වන විට වෙළෙඳපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

එහි දී ඔහු කියා සිටියේ, ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ බවත් එහි දී වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වී ඇති බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ බව අමාත්‍යව බන්දුල ගුණවර්ධන මෙහි දී ප්‍රකාශ කළා.

ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්, නාඩු සහල්
කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක
මිල රුපියල් 210 සිට 160 දක්වාත්, සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වා ද, තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාද පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා තමා සමග ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මෙහි දී කියා සිටියා.

කෙසේ වෙතත් කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම මිල අඩු කිරීමට අදාළ වෙළඳපල තත්ත්වයන් පිළිබඳව වාණිජ අමාත්‍යවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් මගින් පැහැදිලි කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *