Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගත වූ පැය 24 තුළ පාසල් සිසුන් දෙදෙනෙක් ජල රකුසාට බිලි වෙයි! තවත් දෙදෙනෙක් අතුරුදහන්!

3 years ago 1.3 K

වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින් සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා  ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

මහනුවර ප්‍රධාන පාසල උසස් පෙළ සිසුවකු අතුරුදහන්ව ඇති අතර  සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇත්තේ ගන්නොරුවේ  පාසල සිසුවකු බවද පොලිසිය පවසයි.

විවිධ පාසල්වල සිසුන් පිරිසක් එකතු වී  එම ස්ථානයේ සාදයක් පවත්වා ඇති අතර ඒ අතරතුර එක් සිසුවකු මහවැලි ගඟට ඇද වැටෙද්දී ඔහු බේරා ගැනීමට තවත් සිසුවක පැන ඇති අතර දෙදෙනාම ගසාගෙන යද්දී එක් සිසුවකු පමණක් ගඟ මැද තිබූ ගල් පරයක එල්ලී තිබේ.

එසේ ගල් පරයක එල්ලූ සිසුවා පැය ගණනාවක් එහි රැඳී සිටියදී මහනුවර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ  බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ . ජලයේ ගසාගෙන ගිය සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය කියයි.

මේ අතර අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කට ආසන්නයේ දිය නෑමට ගිය සිසුන් පිරිසක්ද මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.

අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කට ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී තිබේ.

ඉන් එක් අයෙක් අසල සිටි පුද්ගලයෙක් විසින් බේරා ගෙන තිබුණි.

දියේ ගිලී අතුරුදන් වූ එක් සිසුවෙකුගේ සිරුර හමුවී ඇති අතර අනෙක් සිසුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *