පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර කටයුතු සඳහා කාරක ප්‍රාග්ධනය අවශ්‍යව සිටින සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයන්ට 11% – 12% අතර පොළී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් අරඹා තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් අද(20) පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.
අදාල ණය යෝජනා ක්‍රමය සඳහා ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඇතුළු බැංකු අටක් වෙත රුපියල් මිලියන 4900ක මුදලක් බෙදා හැර ඇති අතර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇති කෘෂිකාර්මික, සංචාරක සහ අපනයන අභිමුඛ නිෂ්පාදන ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්‍යාපාරික ප්‍රජාවට උපරිමය රුපියල් මිලියන 100 දක්වා වූ ණය මුදලක් මෙම වැඩසටහන යටතේ ලබා ගත හැකි වනවා.
එම වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
“2022 ඔක්තෝබර් මාසයේ 05 දා ඉදලා කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක මුදල පවතින ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමට ලක්ව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත නගා සිටීම සඳහා මුදල් අමාත්‍යංශය ආසියානු සංවර්ධන බැංකුව සමග එකඟතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියා.