දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණය හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 61,391 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නවතම දත්ත අනුව අනාවරණ වේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නෙ බස්නාහිර පළාතෙනි.
ඊට අමතරව මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්කවලින් ද විශාල රෝගීන් පිරිසක් වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වු ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
“දැන් ඇති වෙලා තියෙන මෝසම් වර්ෂාව එක්ක මදුරුවන් බෝවන ස්ථානවල වතුර එකතුවෙලා නැවතත් මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය අපි දකිනවා. 2019 දී රෝගීන් ලක්ෂයකට වැඩිය වාර්තා වුණා. ඒ රෝගීන්ගේ රටාව මේ අවුරුද්දේදිත් අපි දැක්කා පසුගිය මාස 9ත් – 10ත් අතර කාලයේ දී. ඒ හා සමානවම ඉදිරියේ දීත් රෝගීන් විශාල වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව වනවිට අධි අවදානම් විදියට අපි හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 31ක්. කොළඹ මහ නගර සභාවත් ඇතුළුව. අනෙක් පළාත්වල අවදානම් කලාප 10ක් පමණයි තියෙන්නේ. වැදගත්ම දේ උණ තියෙනවා නම් හොඳින් විවේක ගැනීම. පැය 24කට වඩා උණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවීම.”
-adaderana-

අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි