මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කරමින්, එයර එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 දී අවබෝධතා ගිවිසුමකට එළඹුණි.
ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
නිදහස ජාතික සභාව විසින් මෙය සංවිධානය කර තිබුණි..
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන,උත්තර සභාව ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් පසුගිය 12වන දින ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි