දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළහ.
“මේ රටේ දැනට පවතින තත්ත්වයත් එක්ක මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුරාධපුරයෙන් බැහැරව ඉන්න අපේ සැඳැහැවතුන්ට මතක්කරන්න කැමතී. වෙනදා වාගේ නැතිව පවතින වාතාවරණය පිළිබඳව නුවනින් කල්පනා කරලා අනුරාධපුරයට දුරබැහැරින් එන සඳැහැවතුන් මේ පොහොය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවානම් හොඳයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි ආගමික වතාවත් කිසිදෙයක් අඩු නැතුව සිදුකරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත් වුණු සහ මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්