ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත.
පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන කණ්ඩායම් වලට සහයවීමක් වශයෙන් මෙම ආධාර ලබා දෙන බවය.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්