Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් කිහිපයක රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමේ අර්බුදයක්

2 years ago 3.4 K

පළාත් සභා කිහිපයක රාජ්‍ය නිලධාරීන්ට නියමිත වේලාවට වැටුප් ගෙවීමේ ගැටළුවක් මතුවී තිබෙනවා.

සෑම මසකම 25 වැනිදා වනවිට ඔවුන්ට වැටුප් ගෙවීම සිදුකළ යුතු අතර, වැටුප් බැංකුගත
කිරීම් 24 වැනිදා සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

එහෙත් මෙවර 24 වැනිදා දීපවාලී උත්සවය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් යෙදී තිබීම සති අන්තයක් යෙදී තිබීම හේතුවෙන් අද වනවිට වැටුප් බැංකුගත කිරීම සිදුකළ යුතු
වනවා.

එහෙත් රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබීමෙන් අනතුරුව පිළියෙල කරන
ලද ඔක්තෝම්බර් මස වැටුප් ලේඛණ 25 වැනිදා එනම් ලබන අඟහරුවාදා බැංකුගත කිරීමට පළාත් ලේකම් කාර්යාල තීරණය කර තිබෙනවා.
-hirunews-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *