පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදෙස්ගතව එහෙත් සිය අධ්‍යාපන කටයුතු අතරමග නතර කරමින් රුපියල් කෝටි අනූ තුනකට අධික මුදලක් රජයට පාඩු කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙම ආචාර්යවරුන් මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමට අදාළව නීතිරීති සකස් කරමින් තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය.
මෙම ආචාර්යවරුන්ට කිසිදු ගැටලුවකින් තොරව පැමිණීමට යම් කාලසීමාවක් ලබා දුන් බවත් ඇතැම් ආචාර්යවරුන්ගේ ඉල්ලීම මත යළිත් යම් කාලසීමාවක් ලබා දීමට තීරණය කර තිබෙන බවත් කී සභාපතිවරයා ඉන්පසු ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගත වන ආචාර්යවරුන්ට වැටුප් සහිතව වසර හතරක පමණ කාලයක් නිවාඩු ලබා දෙන අතර නීතිමය තත්ත්වයන්වල පවතින ලිහිල් බව හේතුවෙන් ඇප කොන්දේසි කඩ කර ඔවුන් යළි විශ්වවිද්‍යාලවලට නොපැමිණීම සාමාන්‍යකරණය කරගෙන තිබෙන බවත් ඔහු කීවේය.
පසුගිය දස වසරක කාලයේ දී එලෙස ඇප කොන්දේසි කඩ කර අධ්‍යයන කටයුතු අතරමග නතර කර සිටින ආචාර්යවරුන් සංඛ්‍යාව එකසිය අසූ නවයක් යැයි ද ඒ නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි අනූ තුන ඉක්මවන බවද අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් පසුගිය දසවසරේ දී ආචාර්යවරුන් දෙදහස් හාරසියයකට අධික පිරිසක් අයැදුම් කර තිබෙන අතර ඒ වෙනුවෙන් රජය වෙන් කළ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
(අරුණ – නිලන්ත මදුරාවල)

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති