Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති පුත්තලමට

1 month ago

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුත්තලමේ දී පැවසුවා.

හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදු වූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිද වැටුණු ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීම අගය කළා.

ඔහු පැවසුවේ එම කැපවීම නිසාම විදුලිය, ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබාදීමට රජයට හැකි වූයේ රජය පවත්වා ගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන බවට ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *