රුපියල් කෝටි 20ක් පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කුෂ් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සගවා ගෙන සිටි මත් ජාවාරම්කරුවකු පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (14) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.
මේ සියල්ල නිරීක්ෂණය කර ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණි පසු අදාළ නිවස වටලා ඒ වන විටත් සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මලු තුළ ඇසුරුම් 20කට සකස් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ තුළ තිබී කිලෝ 21 ග්‍රෑම් 668ක මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව සැකකරු සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (15) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්