දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරින් ජීවිතක්ෂයට ඇත්තේ, දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන ගිහාන් කවිඳු වික්‍රමරත්න 17 සිසුවාය.
මියගිය සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනි බෝල කැරකැවීමේ යෙදී සිට ඇති අතර දේවාලයේ සිට තාවකාලිකව බට පඳුරක් වෙත ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා යකඩයෙන් තැනූ වළල්ල ගැටීමත් සමග සිසුවාට විදුලි සැර වැදී බිම වැටී තිබේ.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ගිනිබෝල කරකවමින් සිටි තවත් තරුණයන් දෙදෙනෙක් ඔහු බේරාගැනීමට ඉදිරිපත් වීමේ දී ඔවුන් ද තුවාල ලබා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.
දොඩංගොඩ පොලිසියේ ගාල් කර තිබෙන 1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ විදුලි සැර වැදුනු සිසුවාට කෘතිම ස්වසනය ලබා දී කළුතර මහ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
-adaderana-

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි