ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (2023) අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 501- 600 අතරට එක්ව ඇත.
එමෙන්ම අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කර ඇත.
ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකකි.
2023 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104 කින් ලොව විශ්වවිද්‍යාල 1799ක් ඇතුළත් වන අතර, මෙම ශ්‍රේණිගත කිරීම කාණ්ඩ හතරකින් ආයතනයක ක්‍රියාකාරිත්වය තක්සේරු කරන කාර්ය සාධන ප්‍රමිති 13ක් මත පදනම් වේ.
ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම යනු එම කාණ්ඩ හතර වේ. මෙම වසරේ ශ්‍රේණිගත කිරීම සඳහා පර්යේෂණ හා ප්‍රකාශන මිලියන 15.5 කට වැඩි ගණනක් හා උපුටා දැක්වීම් මිලියන 121 කට වඩා සංඛ්‍යවක් විශ්ලේෂණය කර ඇති අතර ජාත්‍යන්තරව 40,000 කට ආසන්න විද්වතුන්ගේ සමීක්ෂණ ප්‍රතිචාර ඇතුළත්ව ඇත. මෙම වර්ගීකරණය ලොව පුරා උසස් අධ්‍යාපනයේ පරිසරය වෙනස් වන ආකාරය ද තක්සේරු කරන වර්ගීකරණකි.
විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව මෙතැනින් බලන්න
-අරුණ-

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)