සේවය නිම කර නිවසට යමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්ත පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් පහරදී ඇති බවට එම නිලධාරියා චෝදනා කර තිබේ.
ඊයේ (20) රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බවයි පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ.
මෙම පොලිස් නිලධාරියා පසුගියදා සූරියකන්ද පොලීසිය සිදු කළ ගංජා වැටලීමකට සහභාගී වූ අතර, එම වැටලීම සිදුකර තිබුණේ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියාට අයත් බව පැවසෙන ඉඩමක බව වාර්තා වේ.
මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ අඩි එකහමාර සහ අඩියක ප්‍රමාණයේ ගංජා පැළ සමග එම ප්‍රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 3,000ක දඩයක් නියම කර තිබුණි.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාද පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්