Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාළු මිලෙහි පහත යාමක්

2 years ago 3.1 K

වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරනවා.

මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පෙන්වා දෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඊයේ (23) දින මාළු මිල ගණන් පහත පරිදි දැක්වේ.

බලයා කිලෝවක තොග මිල රුපියල් 650 – 700
තලපත් සහ කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,300
කොප්පරා මසුන් කිලෝවක තොග මිල රුපියල් 2,000
හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් 550-600
ලින්නා කිලෝවක තොග මිල රුපියල් රුපියල් 800
කුම්බලාවන් කිලෝවක තොග මිල රුපියල් 750
ලොකු දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 1,300
මධ්‍ය පරිමාණයේ දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 900
ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,500-1,800

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *