තාම මවගේ සුරයක් සහිත රන් මාලය, රන් අත් පළඳනාව සොරකම් කළ පුත්‍රයෙක් (23 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, විජයපුර බෝධිය අසල පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
පසුගිය 18 දා පෞද්ගලික කටයුත්තක් සඳහා කුරුණෑගල යාම සදහා නිවසේ කොට්ටයක් තුළ සඟවා තබා තිබූ සුරයක් සහිත රන්මාලය රන් අත් පළඳනාව සොයා බැලූ අවස්ථාවේ දී එම රන් භාණ්ඩ නිවසේ නොමැති බව පවසමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.
රන් භාණ්ඩ සොරකම් කිරීමට නිවසට පිටතින් කිසිවකු නොපැමිණි බවත්, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවී සිටින තම පුතු එම රන් භාණ්ඩ සොරකම් කර ඇති බවත්, එම මව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.
එම රන් භාණ්ඩවල බර හෝ වටිනාකම තමන් නොදන්නා බවද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්