යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් මිද්දෙණියෙන් වාර්තා විය.
මිද්දෙණිය, දඹේතලාව මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි එම පුද්ගලයා මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් එලෙස මියගොස් ඇත.
ඊයේ (24) අලුයම 5.30 ට පමණ මෙම අනතුරට ඔහු මුහුණපා ඇති අතර පෙර දින (23) රාත්‍රියේ තල් අත්තක් කඩා වැටීමෙන් එම විදුලි රැහැන මාර්ගයට ඇද වැටී ඇති බව පැවසෙයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ දිනේෂ් සාරංග නම් 31 හැවිරිදි දෙදරු පියෙකි.
රැකියාව සඳහා සිය බිරිඳව ඇරලවීමට යතුරුපැදියෙන් යමින් සිටින අතරතුරදී ඔහු මෙම අනතුරට ලක්වී තිබේ.
එහිදී බිරිඳට ද විදුලිසැර වැදී ඇති අතර ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම විදුලි රැහැන ඉවත්කර තිබෙන්නේ ද ප්‍රදේශවාසීන් විසින් බවය.
මීට පෙරද විදුලි රැහැන් මතට ගස්වල අතු කඩා වැටුණු අවස්ථාවලදී විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය දැනුවත් කළ ද ඔවුන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා