පැති හතරේ වේලාවන් හතරක් ඇති නුවරඑළියේ ඔරලෝසු කණුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිවයිනේ පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන නුවරඑලිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය වීම හේතුවෙන් නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවයට පත් ව තිබේ.
නුවරඑලිය සිංහ සමාජයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් 2019 වසරේ එම සමාජයේ පුර්ණ අනුග්‍රහය මත එම හෝරා ස්ථම්භය ඉදිකර එහි නඩත්තු කටයුතු නුවරඑලිය මහ නගර සභාව වෙත ලබාදී ඇත.
සිංහ සියවස් හෝරා ස්ථම්භය නමින් නම් කර ඇති එම හෝරා ස්ථම්භය ස්ථාපනය කල දින සිටම වරින් වර තාක්ෂණික දෝෂ වලට ලක් වන බවත්, හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාවන් නිවැරදි සටහන් නොවුනද විනාඩි 10 න් 10 ට එම හෝරා ස්ථම්භයේ සීනුව නාද වීමෙන් නගරයේ සංචාරය කරන සංචාරකයන්, පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන්ද දැඩි අපහසුතාවයට පත් වී ඇත.
නුවරඑලිය නගර මධ්‍යයේ ඉතා අලංකාරව සිත් ගන්නා සුළු ආකාරයෙන් ස්ථාපනය කර ඇති මෙම හෝරා ස්ථම්භයේ පැති හතරේ වේලාව නිවැරදි ආකාරයට දර්ශනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන්, ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් මහ නගර සභාවෙන් ඉල්ලා සිටියි.

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්