Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරසවි සිසුන් අතර පැතිර යන ලිංගාශ්‍රිත රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් අනාවරණයක්

4 years ago

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ එච්.අයි.වී. අසාදිතයන් 342 දෙනකු වාර්තා වී තිබෙන අතර, මේ පිරිසේ විශ්වවිද්‍යාල සිසුන් 50ක් සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.

එමෙන්ම පාසල් දරුවන් 4ක්, චීවරධාරීන් දෙදෙනකු ඒ අතර සිටින බවද කී ඇය වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන් අතර එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද කීවාය.

hits : නිවසක් කොල්ලකා විවේක ගත් සොරුන්ට එළිවෙන තුරු නින්ද ගිහින්

ආසාදිතයන් 1,500ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බොහෝ පිරිසකට ඔවුන්ගෙන් වයිරසය ආසාදිත විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය වන්නේ යැයි ද, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

තරුණ දරුවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු යැයිද ඇය පැවසුවාය.

hits : පැති හතරේ වේලාවන් හතරක් ඇති අරුම පුදුම ඔරලෝසු කණුව

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *