රබර් වත්තක කිරි කපමින් සිටි කාන්තාවක පිඹුරකු විසින් සම්පූර්ණයෙන්ම ගිල දැමීමේ සිද්ධියක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට ජම්බි නැමැති පළාතේය. පිඹුරාට බිලි වී ඇත්තේ ජහ්රා නැමැති 50 හැවිරිදි කාන්තාවකි.
පසුගිය ඉරිදා උදෑසන කිරි කැපීම සඳහා රබර් වත්තට ගිය ඇය රෑ බෝ වනතුරුත් නිවසට නොපැමිණීම නිසා ඇයගේ සැමියා ඇය ගැන සෙවීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ.
එහි දී තම බිරිඳගේ ඇඳුමක් සහ කිරි කපන උපකරණ බිම වැටී තිබෙනු දුටු ඔහු මේ ගැන පොලිසියට දන්වා ඇති අතර ඒ අනුව කාන්තාව සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. ගම් වැසියන්ද ඊට සහභාගි වී ඇත.
ඊට පසුදා ඔවුන්ට විශාල උදරයකින් යුතු පිඹුරකු දැකගන්නට ලැබී තිබිණි. මෙම පිඹුරා ගැන සැක සිතූ ගැමියන් ඌ මරා පරීක්‍ෂා කිරීමේ දී පිඹුරාගේ කුස තුළ තිබී කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ.
මෙම දැවැන්ත පිඹුරා අඩි 16 ක් (මීටර 5 ක්) පමණ දිගින් යුතු එකෙකි.
ඉන්දුනීසියාව තුළ මෙයට පෙර ද මෙබඳු සිදුවීම් වාර්තා වී තිබේ. 2017 සහ 2018 වසරවල ද මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා වී තිබිණි.
පිඹුරන්ගේ හකු ඉතා නම්‍යශීලි ආකාරයෙන් සකස් වී ඇති නිසා මිනිසුන් වැනි විශාල ගොදුරු පවා ගිල දැමීමට ඔවුන්ට හැකියාව තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ මීයන් සහ කුඩා සතුන්ය. නමුත් පිඹුරන් යම් ප්‍රමාණයකට වැඩුණු පසු කුඩා සතුන්ගෙන් ලැබෙන කැලරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා විශාල ගොදුරු ඩැහැ ගැනීමට ඔවුන් පෙලඹෙන බව විශේෂඥයෝ සඳහන් කරති. තම ගොදුර සම්පූර්ණයෙන් ගිල දැමීම පිඹුරන්ගේ සිරිතය.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි