වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බවය.
මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත්ය.
පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවය.
ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
එමෙන්ම සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඇති අතර වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවත් එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා තිබේ.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!