Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

1 month ago

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ.

අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇත.

ඒ අනුව නැගෙනහිර පළාතේ මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, මුලික රෝහල් 17ක, ප්‍රාදේශීය රෝහල් 52ක සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභික, අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරුආරච්චි මහතා පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සියලුම රොහල්වල වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය සඳහා සහභාගී වන බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *