දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට අද(13) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදුවු නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
මේ අතර පවුල් ලක්ෂ 7ක පුද්ගලයින් ලක්ෂ 24ක් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ව්‍යසනයේ ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළා.
තවද ජනපති අනුර මහතා පැවසුවේ ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු අතර, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
පුරවැසියන් විසින් ලබාදී ඇති ජනවරමට තමා යටත්වී ඇති බවත් ඒ නිසාවෙන් කිසිදු බලපෑමකට ඒ ජනවරම පාවා නොදෙන බවත් පැවසු ජනාධිපතිවරයා ව්‍යසනය වෙනුවෙන් වියදම් කිරීමට පමණක් රු බිලියන 500ක ඇස්තමේන්තුවක් සම්මත කරගත් බවද මෙහිදි අවධාරණය කළා.
විනාශයට පත්වූ නිවාස 2,500ක් සෑදීමට අයවැය ලේඛනයෙන් රු මි 5,000ක් වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, 2026 වසරේ නිවාස 50,000කට අධික ප්‍රමාණයක් ගොඩනැගීමට නියමිත බවද කියා සිටියා.
“අපි බලය අරගෙන ඒකට සැලසුම් කරමින් සහ සමහර ක්ෂේත්‍රවල සැලකිය යුතු ජයග්‍රහණණ අත්පත් කරගෙන තිබුණා. මම ගොඩක් පැහැදිලි කරන්නෑ. බොහෝ පැතිවලින් ගත්තහම 2025 වසර අපේ රට බොහෝ හැරවුම් ගෙන දීපු වසරක්. නීතියේ ආධිපත්‍ය තහවුරු කළා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරා . ආර්ථිකය පරිවර්තනයක් ඇති කරා. අධ්‍යාපනය පරිවර්තනයක් ඇති කළා. ඒක මං පසු දවසක වැඩිදුර පැහැදිලි කරන්නම්. මෙවැනි මහා පරිවර්තන යුගයකට පියවරමින් තබමින් සිටි මොහොතක තමයි අපිට මේ ව්‍යසනයට මුහුණ පෑමට සිද්ධ වුණේ ඒ නිසා බොහෝ අය අපේක්ෂා කළා මේ ව්‍යසනය විසින් අප සකස් කොට තිබෙන න්‍යායපත්‍රය අවුල් කරාවිද කියලා. එහෙම විශ්වාස කළා. ඒත් අපිට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා නෑ, අප සකස් කරගෙන තිබුණු න්‍යාය පත්‍රය තිරසාර අපේ අනාගතය ගොඩනැගෙන ව්‍යාපෘතියක්. ඒ නිසා කුමන ව්‍යසනයක් හමුවේ හෝ අප සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය හකුළුවන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානයකට ආවා. ඒක වැදගත්.“

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී