ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ (28) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ විශේෂ ආර්ක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.
රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.
මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ද වාර්තා වේ.
රෝහල පරිශ්‍රයේ ආරක්ෂක සෙබළුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක්ද සපයමින් සිටින බව වාර්තා වේ.
මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ හිටපු නාවුක හමුදාපතිවරයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.