පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී පවතින ආර්ථිකය තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින් මන්ත්‍රී රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පෙන්වා දී තිබෙනවා. ඒ අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. ඒ අනුව එය ඉදිරියේදී 400%කින් පමණ ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි කතානායකවරයා දැනුම් දී ඇත්තේ.