මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.
ගෙවී ගිය දින හතළිහක කාලයේ දී එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තුවල මුළු එකතුව ඩොලර් හැටලක්‍ෂයක් වන බව ද ඔවුහු පවසති.
සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොලැබීම නිසා ඉකුත් 07 වැනිදා සිට වසා දමා ඇත.
මෙම බොරතෙල් නැව නිදහස්කර ගැනීමට ඩොලර් මිලියන 70ක පමණ මුදලක් ගෙවිය යුතුව තිබුණ ද එය රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.
නමුත් දින හතළිහක් තිස්සේ මෙකී බොරතෙල් නෞකාවට ප්‍රමාද ගාස්තු එකතුවීමට ඉඩහැර තිබීම අපරාධයක් නිසා ඒ පිළිබඳ කඩිනම් පියවරක් ගන්නා ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.
ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා