Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලර් නැතිව බොරතෙල් නැව දින 40ක් මුහුදේ! දිනකට ප්‍රමාද ගාස්තුව පමණක් මිලියන 550ක්!

2 years ago 802

මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.

ගෙවී ගිය දින හතළිහක කාලයේ දී එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තුවල මුළු එකතුව ඩොලර් හැටලක්‍ෂයක් වන බව ද ඔවුහු පවසති.

සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොලැබීම නිසා ඉකුත් 07 වැනිදා සිට වසා දමා ඇත.

මෙම බොරතෙල් නැව නිදහස්කර ගැනීමට ඩොලර් මිලියන 70ක පමණ මුදලක් ගෙවිය යුතුව තිබුණ ද එය රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.

නමුත් දින හතළිහක් තිස්සේ මෙකී බොරතෙල් නෞකාවට ප්‍රමාද ගාස්තු එකතුවීමට ඉඩහැර තිබීම අපරාධයක් නිසා ඒ පිළිබඳ කඩිනම් පියවරක් ගන්නා ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *