Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලාංකිකයන්ගේ අමෙරිකානු වීසා ගැන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

3 weeks ago

අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති දැඩි කරමින් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම සංචාරක වීසා කාණ්ඩ යටතේ එරටට ඇතුළු වී රැකියාවල නිරත වන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.

B1 සහ B2 (Visitor Visa) කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන්ට අවසර හිමිවන්නේ පහත සඳහන් සීමිත කටයුතු සඳහා පමණි:

ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම සහ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.

වෘත්තීය සමුළු හෝ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීම.

සංචාරක කටයුතු සහ පවුලේ හිතවතුන් හමුවීම.

තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ මෙම වීසා කාණ්ඩය යටතේ අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට අවසර නොමැති බවයි. ‘සේවය කිරීම’ සඳහා මෙම වීසා බලපත්‍රය කිසිසේත්ම වලංගු නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

යම් හෙයකින් සංචාරක වීසා මගින් ඇතුළු වී අනවසරයෙන් රැකියාවක නිරත වුවහොත් ගත හැකි දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපති කාර්යාලය අනතුරු අඟවයි:

අදාළ පුද්ගලයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් පිටුවහල් කරනු ලැබේ.නැවත කිසිදු දිනක අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි ජීවිතාන්තය දක්වා වීසා තහනමකට ලක්වීමට ඉඩ ඇත.

එබැවින්, අමෙරිකානු සංචාරයක් සැලසුම් කරන සියලුම ශ්‍රී ලාංකිකයන් නීත්‍යානුකූල නොවන රැකියා ප්‍රවර්ධන වලට හසු නොවන ලෙසත්, වීසා කොන්දේසි අකුරටම පිළිපදින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *