Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්

4 weeks ago

දඹදිව , දෙව්නිමෝර් පුදබිමින් මෙරටට වැඩමකරවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, පෙරබවාරි මස 5වැනි දින සිට 11 වැනි දින දක්වා පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා හුණූපිටිය ශ්‍රී ගංගාරම විහාරස්ථානයේදී වන්දනාකරගැනීමට දේශීය විදේශීය බැතිමතුන්ට සියලු කටයුතු සුදානම් කර ඇති බව එම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ පැවසුහ.

උන්වහන්සේ ‌මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩමකරවීම පෙබරවාරි මස 4 වැනි දින ඉන්දීය රාජ්‍ය දුත පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහ ආරක්ෂාව සහිතව සිදු කෙරෙන බව පැවසු උන්වහන්සේ විශේෂ රිය පෙරහැරකින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට ගංගාරාම විහාරස්ථානයට එදින පස්වරු 2.00 වන විට වැඩමවිමට නියමිත බව ද සඳහන් කළහ.

එසේම සර්වඥ ධාතුන්වහන්සේලා උදෙසා විශේෂ තේවා කටයුතු එදින සිදු කරන බැවින් පසුදින පෙරවරු 6.00 සිට මහජනතාවට ප්‍රදර්ශනය සඳහා විශේෂ ඵලකය මතට වැඩමකරවීම සිදු කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.ප්‍රදර්ශනය කෙරෙන දින හත පුරා පැය විසිහතරම ජනතාවට වන්දනාමාන කරගැනීමට හැකි බැවින් අනවශ්‍ය ලෙස පෝළිම්වල රැඳී සිටීමට සිදු නොවන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

තවද සර්වඥ ධාතූන්වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් බඩු බාහිරාදිය රැගෙන ඒමෙන් වළකින ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලීමක් කළහ.

විදේශීය රටකදී මෙම ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය සිදු කරන්නේ ප්‍රථම වතාවට බව පැවසූ ස්වාමීන්වහන්සේ ධාතූන්වහන්සේලා මෙරටට වැඩවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුලු ඉන්දීය රජයට විශේෂ ස්තුතියක් පළ කළ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම සර්වඥ ධාතූන්වහන්සේලා වැඩම කරවීමට හැකි වු බවද පැවසුහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *