මහරගම ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසැලක සිසුවියන් අපහසුතාවයට පත් කරමින් සිදුවන සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා.
එම පාසැලේ සිටින භික්ෂුන් වහන්සේලා සිව් නමක් තමන්ට දෛනිකව දානය සපයන ලෙස සිසුවියන්ට දැනුම්දී ඇති බවයි එහිදී අනාවරණ වුණේ.
ඒ අනුව නම් වශයෙන් සඳහන් කර එක් එක් සිසුවිය ගෙන ආ යුතු ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ලේඛනයක් ද මෙහිදී සකස් කරන බවටයි වාර්තා වන්නේ.
ඇතැම් දිනවල මෙම ලේඛනයට ආහාර වර්ග 20 කටත් වඩා අයත්. ඇතැම් ලැයිස්තුවලට කිරිබත් කැබලි 25 ක් සහ ඉඳිආප්ප 60 ක් මෙන්ම මස් හා මාළුවර්ග ද ඇතුලත් කර තිබෙනවා.
කිරිබත් කැබලි 25 ගෙන ආ යුත්තේද එක් සිසුවියක් විසින්. ඇතැම් සිසුන්ට දානය සඳහා ඉස්සන් වෑංජනයක්ද රැගෙන එන ලෙසයි දන්වා ඇත්තේ.
දානයට අමතරව පිරිකරක්ද ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවට වාර්තා වනවා.
එක් පන්තියකට එක් දිනයක් බැඟින් මේ සඳහා වෙන් කර ඇතැයි සඳහන්.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් පිරිස් පැවසුවේ රට තුළ ආහාර අර්බුදයක් පවතින පසුබිමක හා දරුවන් ඉන් පීඩාවට පත්ව ඇති පසුබිමක මෙවන් සිද්ධීන් අනුමත කළ නොහැකි බවයි.
-nethgossip-

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්