Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද වියළි කාලගුණික තත්ත්වයක්

2 weeks ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි කාලය තුළ වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *