Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මවගේ ගෙල සිරකර ඝාතනය කළ අජාසත් පුතාට අමතක නොවන දඬුවමක්

2 weeks ago

ඉඩම් ආරවුලක් හේතුවෙන් සිය මවගේ ගෙල සිර කර මරා දැමූ බවට අධිකරණයේ වරදකරු වූ පුද්ගලයකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත අද (29) මරණීය දණ්ඩනය නියම කළා.

මවකට ආදරය කළ යුත්තේ ජිවත් සිටින කාලය තුළ මිස ඝාතනය කිරීමෙන් අනතුරුව නොවන බවත්, සිය දෑතින් ගෙල සිඳ මව මරා දැමීමේ වරදට අධිකරණයෙන් නියම කරන ලද දඩුවමට අමතරව බෞද්ධ ඉගැන්වීමට අනුව බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට මෙම විත්තිකරුට සිදුවන බවත් ‍මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා.

තම මව ඝාතනය කිරීමේ වරදට මෙලෙස මරණ දඩුවම නියමවූයේ මීටියාගොඩ, තෙල්වත්ත, මැටිවල පදිංචි පිටිගල ලියනගේ පැරකුම් පෙරේරා නමැත්තාටයි.

මෙම අධිචෝදනා සම්බන්ධයෙන් විත්තකරුට එරෙහිව නිතිපතිවරයා නගා ඇති චෝදනා සාධාරණය සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවකදී වැලිකඩ සිරගෙදරදී බිත්ති හතරක් ඇතුළත විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු එල්ලා තබා මරා දමන ලෙසට නියෝග කරමින් මරණීය දණ්ඩනය නියම කළා.

විත්තිකරුට මරණීය දණ්ඩනය නියම නොකළ යුතු බවට කිසිවක් කීමට ඇත්දැයි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරුගෙන් විමසු අවස්ථාවේ, “මට කියන්න තියෙන්නෙ, මගෙ අම්මට මම ගොඩක් ආදරෙයි. මම හදාවඩා ගත් අම්මට මම ගොඩක් ආදරෙයි. අත පය නොකඩා කිරි දීලා මාව හදා ගත් අම්මට මම ගොඩක් ආදරෙයි” යනුවෙන් විත්තිකරු සඳහන් කර තිබුණා.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා යළි විත්තිකරුගෙන් විමසා සිටියේ තමා කුමන ආගමකද යන්නයි. තමන් බෞද්ධාගමිකයෙකු බව විත්තිකරු එහිදී ප්‍රකාශ කළා.

මව සහ විත්තිකාරු අතර හටගත් බව කියන ආරවුල විත්තිකරු විසින්ම ඇතිකර ගන්නා ලද ඉඩම් සම්බන්ධ ආරවුලක් මිස එය කිසිසේත්ම මව විසින් ආරම්භ කරන ලද්දක් නොවන බව අධිකරණ නඩු විභාගයේදී සාක්ෂි මගින් අනාවරණ වී ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවා.

2017 වසරේ සැප්තැම්බර් මස 27 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය මහාධිකරණ බලප්‍රදේශයට අයත්, මැටිවලදී තම මව වන සීලවතී අබේවික්‍රම යන අයගේ ගෙල සිර කර මරා දැමූ බවට නීතිපතිවරයා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව බලපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ සෙනුරි ගුණතිලක පෙනී සිටි අතර, විතිත්කරු වෙනුවෙන් නීතිඥ උදාර කෞශල්‍ය අධිකරණයේ පෙනී සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *