Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සංවර්ධන නිලධාරින් පස්වන දිනටත් මාරාන්තික උපවාසයේ! තවත් අයෙක් රෝහල්ගත කරයි!

1 week ago

ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (30) පස්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එහි නිරතව සිටි තවත් නිලධාරියෙකු සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වන තමන්ව වහාම ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස බලකරමින් ජනවාරි 26 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ලෙස මෙම විරෝධතාව ආරම්භ විය.

බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම නිසා එදිනම පස්වරුවේ එය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කෙරිණි.

මුලින් සිව්දෙනෙකු උපවාසයේ නිරත වූ අතර මීට පෙර අවස්ථාවලදී කාන්තාවක ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කෙරුණි.

අද උදෑසන රෝහල් ගත කළ පුද්ගලයා සමඟ මේ වන විට තිදෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

එක් අයෙකු තවමත් අඛණ්ඩව මාරාන්තික උපවාසයේ නිරතව සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *