සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.
පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පිල සහභාගි වන අවසන් විස්සයි20 තරගාවලියද මෙයයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා විස්සයි20 තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 10ක් එංගලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසුව මේ දක්වා එංගලන්ත පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වී නොමැත.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් වරට විස්සයි20 තරග ජයක් වාර්තා කර ඇත්තේද 2014 වසරේදීය.
ශ්‍රී ලංකා පිල අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති තරග 8ටම පරාජයට පත්ව ඇති බැවින් මෙම පරාජයන් රැල්ලට තිත තැබීමට ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජය ඉතා වැදගත්ය.
ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, ධනංජය දි සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, එශාන් මාලිංග

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!