ඊයේ(31) රාත්රී කැබිතිගොල්ලෑව, රඹුකවැව ප්රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ප්රදේශයේ අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියයෑමෙන් අනතුරුව එම ස්ථානයේ රැස්ව සිටි ප්රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එම අවස්ථාවදී ප්රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්රදේශයෙන් හරස් කර තිබේ.
අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇති බව කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේය.
එහිදී පිරිස අතර සිටි අයෙකු විසින් එල්ලකළ මුගුරු ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.