සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම ඔහුගේ ඉල්ලීම මත සිදු වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරුවීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් සිදුකර තිබූ බවත්, ඒ අනුව ඔහුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් මෙම ස්ථානමාරුවීම තවමත් ක්‍රියාත්මක කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගෙන් තවත් ඉහළ සේවයක් ලබාගැනීම මෙම ස්ථාන මාරු කිරීමේ අරමුණක් බවත් ඔහු කියා සිටියා.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි