පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනයෙන් මෙරට ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් වී ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා සඳහන් කළේ, පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රුපියල් කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.
මෙම ආදායමෙන් සිංහල කොටසක් වන අමෙරිකානු ඩොලර් මිලියන 251ක්ම උපයාගෙන ඇත්තේ කුරුඳු කූරු අපනයනය කිරීමෙනි.
මීට අමතරව කුරුඳු පොතු, කොළ සහ තෙල් වැනි නිෂ්පාදන ද සෙසු ආදායම් සඳහා දායක වී තිබේ.
පෙර වසරවලදී ශ්‍රී ලංකාව රටවල් 70කට පමණ කුරුඳු අපනයනය කළද, 2025 වසරේදී එම වෙළඳපොළ රටවල් 100කට අධික සංඛ්‍යාවක් දක්වා පුළුල් කිරීමට හැකි වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙවර ඉලක්කය වී ඇත්තේ මෙම වසර තුළ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නංවා ගැනීමයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට