සමූපාකාර වෙළෙඳසැල් හරහා මසකට රුපියල් 10,000කට වඩා වැඩි භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම රක්ෂණාවරණය සඳහා පාරිභෝගිකයාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවයි.
මෙම රක්ෂණ පහසුකම පාරිභෝගිකයන්ට පමණක් නොව, සියලුම සමූපාකාර සාමාජිකයන් වෙත ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
එසේම, සමූපාකාර ව්‍යාපාරය මෙරට ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවෙකු බවට පත් කිරීමේ අරමුණින්, එහි සේවකයින් සඳහා තෘප්තිමත් වැටුපක් සහ ජීවිත රක්ෂණ ඇතුළු සුබසාධන පහසුකම් රැසක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට