රජයේ සේවකයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේදී අදාළ රටට ගැළපෙන සුදුසුකම සකස්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් පැනනැගී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර.
“අපි රාජ්‍ය සේවකයින්ට ලියාපදිංචි වෙන්න කියලා ඉල්ලීමක් කළා තමන්ගේ සුදුසුකම් අනුව. ඒ අනුව පිරිමි පුද්ගලයින් 10,281ක් සහ කාන්තාවන් 8,012ක් විදේශගතවීමේ කැමැත්ත පළකරලා තියෙනවා දැන් මාස දෙකක පමණ කාලයට. නිශ්චිත වශයෙන්ම ලියාපදිංචි වෙලා අපි හරහා විදේශගත වෙච්ච සංඛ්‍යාව 273ක ප්‍රමාණයක් තමයි. මෙතන තියෙන කාරණාව තමයි ඒ අය විදේශගතවෙන්න කැමතියි. විදේශගතවෙන්න වුවමනා කරන ඒ රටට ගැළපෙන සුදුසුකම සකස්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ අය විදේශගතවෙන්න වෙන්නේ මේ රටේ කළමණාකරන සහකාරවරයෙකුට, මේ රටේ සමෘද්ධි නිලධාරියෙකුට, මේ රටේ ග්‍රාම නිලධාරීවරයෙකුට. ඒ රටේ ගිහිල්ලා මේ රස්සාව කරන්න බෑ කියලා අපි හැමෝම අවබෝධයෙන් දන්නවා. එතකොට ඒ රටට ගිහිල්ලා ඒ රටේ ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතාවයට අනුව රැකියාවක් තමයි තෝරාගන්න ඕන. එතකොට ඒ සඳහා තෝරාගන්න රැකියාවන් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ සටහන් වනවා. එතකොට තමන් කැමති එකට තෝරාගෙන ඒ සඳහා අයදුම් කරාම තමයි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිද්දකරන්නෙ. එතකොට මෙන්න මේ කර්තව්‍ය ගැන යම් නොදැනුවත්කමක් ඇතිවෙලා තියෙනවා. රාජ්‍ය සේවකයෝ හිතනවා අපි විදේශ රැකියා අමාත්‍යංශය හැටියට රස්සාවල් ටික හොයලා අපි ගෙනත් දෙනවා අතට මෙන්න මේ රස්සාවට යන්න කියලා, ඒ කර්තව්‍ය සිද්ධවෙන්නේ නෑ.”

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු