Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්

1 month ago

වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බැලීමේදී රට ගමන් කරමින් පවතින දිශානතිය එතරම් සුබදායක නොවන බව කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසති.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ ‘ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරය’ ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුනායක හිමියන් සඳහන් කළේ, රටේ ආරක්ෂාව, උරුමය, ජාතික සමඟිය සහ බුද්ධාගම ඇතුළු සෙසු ආගම්වල ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට තමන් වහන්සේලා තීරණය කර ඇති බවයි.

වර්තමාන ගමන පිළිබඳව සංඝ රත්නය ලෙස තමන් වහන්සේලා තුළ බියක් සහ සැකයක් මතු වී ඇති බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු වර්තමාන දේශපාලන අධිකාරිය වැරදි මතවාද පතුරුවමින් රට අවුල් කිරීමට උත්සාහ කරන බවට රාහුල හිමියන් චෝදනා කළහ.

පසුගියදා ජනාධිපතිවරයා උතුරේදී සිදුකළ ප්‍රකාශයක් විවේචනය කළ උන්වහන්සේ, බෞද්ධයන් උතුරට යන්නේ වෛරය හෝ ද්වේෂය පැතිරවීමට නොව, වසර 2500ක ඉතිහාසයක් ඇති වන්දනා ගමන්වල යෙදීමට බවත් ප්‍රකාශ කළහ.

අනුරාධපුරය වැඳ පුදා ගන්නා බෞද්ධ ජනතාව උතුරට යන්නේද එම ආගමික භක්තියෙන්ම බව සිහිපත් කළ උන්වහන්සේ, මෙවැනි සංවේදී කරුණු පිළිබඳව පාලකයන් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර අනවශ්‍ය ගැටලු මතු විය හැකි බවටද අනතුරු ඇඟවූහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *