Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුසියානු විපක්ෂ නායකවරයා ඝාතනයට හේතූව ගෙඹි විස?

1 day ago

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු ‘ඩාර්ට් ගෙම්බෙකුගෙන්’ ලබාගත් විෂක් භාවිතා කර ඇති බව බ්‍රිතාන්‍යය සහ යුරෝපීය මිත්‍ර රටවල් අනාවරණය කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරනවා.

සයිබීරියාවේ බන්ධනාගාරයක් තුළදී ඔහු මියගොස් වසර දෙකකට පසු ඔහුගේ සිරුරෙන් ලබාගත් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, මෙම ඝාතනයේ වගකීම ක්‍රෙම්ලිනය වෙතයි එල්ල වී ඇත්තේ

මියුනික් ආරක්ෂක සමුළුවේදී එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවල් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු තහවුරු කරන ද තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් ප්‍රකාශ කළේ, නවාල්නි රුසියාවේ සිරගත කර සිටියදී මෙම විෂ භාවිතා කිරීමට අවශ්‍ය මාධ්‍යයන්, චේතනාව සහ අවස්ථාව තිබුණේ රුසියානු රජයට පමණක් බවත්, දේශපාලන විරුද්ධවාදීන් කෙරෙහි රුසියාව තුළ ඇති බිය මින් පෙන්නුම් කරන බවයි.

නවාල්නිගේ සිරුරේ තිබී සොයාගත් ‘එපිබැටිඩින්’ (epibatidine) නමැති මෙම විෂ ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමෙරිකාවේ වනාන්තරවල ජීවත් වන ඩාර්ට් ගෙම්බන්ගෙන් පමණක් බවයි ඔවුන් එහිදී අවධාරණය කරන්නේ.

කූඩු කර ඇති ගෙම්බන් මෙම විෂ නිපදවන්නේ නැති අතර, එය රුසියාවේ ස්වභාවික පරිසරය තුළ දක්නට නොලැබෙන බැවින් නවාල්නිගේ සිරුරේ එය තිබීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණීකරණයක් ඉදිරිපත් කළ නොහැකි බව මිත්‍ර රටවල් අවධාරණය කරනවා.

BBC පුවත් සේවයට අදහස් දක්වමින් විෂවේද විශේෂඥ ජිල් ජොන්සන් පැහැදිලි කළේ, මෙම විෂ මෝෆීන්වලට වඩා 200 ගුණයකින් ප්‍රබල බවයි.

මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් කිරීම හරහා මාංශ පේශි අකර්මණ්‍ය වීම, වලිප්පුව, හෘද ස්පන්දනය මන්දගාමී වීම, හුස්ම ගැනීමේ අපහසුතා සහ අවසානයේ මරණයට පවා මෙය හේතුවන බවයි පැවසෙන්නේ.

නිශ්චිත ආහාර රටාවකට හුරුවූ එක් වනගත ගෙම්බන් විශේෂයකින් පමණක් ඉතා සුළු ප්‍රමාණයක් ලබාගත හැකි බැවින්, මෙය පුද්ගලයෙකුට වස දීම සඳහා භාවිතා කළ හැකි අතිශය දුර්ලභ ක්‍රමයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සමුළුව අතරතුරදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය හමුවූ නවාල්නිගේ බිරිඳ වන යූලියා නවාල්නයා, වසර දෙකක කාලයක් පුරා සිදුකළ සූක්ෂම පරීක්ෂණ හරහා සත්‍යය අනාවරණය කිරීම පිළිබඳව යුරෝපීය රටවලට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

තම සැමියාට වස දී ඇති බවට තමා පළමු දිනයේ සිටම විශ්වාස කළ බවත්, දැන් ඊට අවශ්‍ය සාක්ෂි ලැබී ඇති බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *